ඊජිප්තු අරාබි ජනරජයේ, යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධූර අපේක්ෂක, ආචාර්ය කලීඩ් එල් එනානි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින්ම ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය පිළිබඳව සිහිපත් කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේම සහයෝගිතාව අවධාරණය කළහ. යුනෙස්කෝ නායකත්වය සඳහා අපේක්ෂකයෙකු ලෙස ආචාර්ය එල් එනානි මහතා ඔහුගේ දැක්ම මෙහිදී ඉදිරිපත් කළ අතර, ජාතීන් අතර සංස්කෘතික සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා ඔහුගේ කැපවීම අවධාරණය කළේය. මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දෙරට අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළේය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති ඇඩෙල් ඉබ්‍රාහිම් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී වූහ.