පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සිය විරෝධය පළකර තිබේ.
ඒ සම්බන්ධයෙන් චෝදනා කරමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියාසිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සහ ඔහු සතු විධායක බලතල පෙන්වාදෙමින් තර්ජන එල්ල කරන බවයි.
“පාර්ලිමේන්තුවේ තමන්ට 2/3ක් තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තර්ජනය කරනවා. ඔහු තමන් සතු විධායක බලය ගැන ද සඳහන් කරනවා. එය බලය දූෂිතව භාවිත කිරීමක්” සුමන්තිරන් පවසයි.
යාපනයේ බහුතර බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ගණනය කිරීම් පිළිබඳව ද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.
සුමන්තිරන් මෙම අදහස් පළකර තිබුණේ, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.