Homeදේශීයඅනුර බලය දූෂිතව භාවිතා කරනවා

අනුර බලය දූෂිතව භාවිතා කරනවා

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සිය විරෝධය පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් චෝදනා කරමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියාසිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සහ ඔහු සතු විධායක බලතල පෙන්වාදෙමින් තර්ජන එල්ල කරන බවයි.

“පාර්ලිමේන්තුවේ තමන්ට 2/3ක් තියෙනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තර්ජනය කරනවා. ඔහු තමන් සතු විධායක බලය ගැන ද සඳහන් කරනවා. එය බලය දූෂිතව භාවිත කිරීමක්” සුමන්තිරන් පවසයි.

යාපනයේ බහුතර බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ගණනය කිරීම් පිළිබඳව ද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.

සුමන්තිරන් මෙම අදහස් පළකර තිබුණේ, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments