Homeක්‍රීඩාටිම් බූන් මාසයකට එයි

ටිම් බූන් මාසයකට එයි

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ටිම් බූන් මාසයක් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්හි පුහුණුකරුවකු සහ ඉහළ කාර්යසාධන උපදේශකයකු ලෙස පත් කර ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ටිම්ගේ මෙම රාජකාරි කාල සීමාව පසුගිය 8 වැනිදා සිට ඇරැඹුණු අතර එම කාලය තුළ ඔහු ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම, කාන්තා ‘ඒ’ කණ්ඩායම, පිරිමි නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 17න් පහළ ජාතික කණ්ඩායම යන කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කරනු ඇත. එමෙන්ම මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත පිතිකරණය සහ තනි පුද්ගල කාර්ය සාධනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් තාක්ෂණික සහ උපාය මාර්ග සැසි සඳහා ද ඔහු සහභාගී වනු ඇත.

ටිම් මින් පෙර එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර අත්දැකීම් සහිත පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments