Homeදේශීයවිශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධති දෝෂයෙන් විශාල පිරිසක් අමාරුවේ

විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධති දෝෂයෙන් විශාල පිරිසක් අමාරුවේ

විශ්‍රාම වැටුප් දෙපාර්තමේතුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක් තිස්සේ බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සඳහා අයැදුම්පත්‍ර යොමු කිරීම ඇතුළු සේවා ලබා ගැනීමේදී විශ්‍රාමිකයන්ට දුෂ්කරතා නිර්මාණය වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය අන්තර්ජාලය මාර්ගයෙන් සිදු කරන අතර දත්ත පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මාස කිහිපයක සිට අයැදුම්පත් යොමු කළ නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාශියක මෙම තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් සිය විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කිරීමට නොහැකිව සිටින බව ද වාර්තා වේ.

2025 පෙබරවාරි මාසයේ සිට අද දක්වාම මෙම තත්ත්වය පවතින බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සනාථ කළේය.

දිනකට අයැදුම්පත් රාශියක් යොමු කළ යුතු නමුත් මෙම බිඳ වැටීම හේතුවෙන් අයැදුම්පත් රාශියක් එකතුව ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටි ආරච්චි සඳහන් කළේ විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කිරීමේදී භාවිතකරනු ලබන වෙබ් අඩවිය තුළ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම්වලදී මෙම ප්‍රමාද දෝෂ මතුව ඇති බව ය.

කෙසේ නමුත්, අයැදුම්පත් යොමු කිරීමේදී එම වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටී නොමැති බව ද ඔහු පැවසීය.

එසේ ම, පවතින තත්ත්වය හැකි ඉක්මණින් වැඩි දියුණු කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් එම කටයුතු සෙනසුරාදා දිනය වන විට අවසන් වන බවත් ඔහු සඳහන් කළේ ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments