Homeදේශීයබස් අනතුරේ අයට වන්දි.බසය ගොඩට ගනී

බස් අනතුරේ අයට වන්දි.බසය ගොඩට ගනී

රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබුවා.

පොලිසිය සහ යුධහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් බස් රථය ගොඩ ගනු ලැබීය.

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 35කට අසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මියගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments