Homeදේශීයකළුතරදී මාලිමාව ප්‍රබල පසුබෑමකට.

කළුතරදී මාලිමාව ප්‍රබල පසුබෑමකට.

2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා මට්ටමින් සියයට පනහ ඉක්ම වූ ඡන්ද සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයේ ලබා ගැනීමට ජාතික ජන බලවේගය අසමත් වී ඇත.

එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 අතුරෙන් කිසිදු පළාත් පාලන ආයතනයක වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගයට නොහැකි වී තිබේ.

මෙම දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය පිළිබඳව සැලකීමේදී ජාතික ජනබල වේගයේ ප්‍රධාන දේශපාලන චරිත දෙකක් නියෝජනය කරයි.

ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය කළුතර දිස්ත්‍රික්කය තුළ ආණ්ඩු පාර්ශවයේ දේශපාලන කටයුතු සිදු කරනු ලබයි.

එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නායකත්වය සපයන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරාා මහතායි.එමෙන්ම පසුගිය දිනවල විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ද එම දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

කළුතර මහ නගර සභාව,පාලින්දනුවර මදුරාවල මිල්ලනිය අගලවත්ත ප්‍රාදේශීය සභාවන්හි බලය පිහිටුවීමේදී ද සමගි ජන බලවේගයට යම් විපක්ෂ එකමුතුවක් හරහා සිදුකළ හැකි බවට මේ වන විට මත පළවෙමින් ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments