එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත් කරන ලද 2025 මානව සංවර්ධන වාර්තාවට අනුව රටවල් 193 ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානය හිමිව තිබේ.
2022 වසරේදී ශ්‍රී ලංකාව පසුවුණේ එම ලැයිස්තුවේ 88 වන ස්ථානයේයි.
ඒ අනුව මෙවර එක් ස්ථානයකින් ශ්‍රී ලංකාව පහළ බැස තිබෙන අතර මෙරට මානව සංවර්ධන දර්ශක අගය 0.776 ක් ලෙස පවතී.
‘ඉහළ මානව සංවර්ධන’ කොටසට ඇතුළත්ව සිටියද, 2015 සිට ගත් කළ එම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අනුව ශ්‍රී ලංකාව ස්ථාන 08 කින් පසුබෑමට ලක්ව තිබේ.
මානව සංවර්ධන දර්ශකය සඳහා සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආදායම යන මූලික සාධක 03 ක් ඔස්සේ රටක් දිගුකාලීනව ඇගයීමට ලක්කරයි.
2010 සිට 2023 දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ධනය සියයට 0.28ක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශක වර්ධන වේගය සතුටුදායක වේගයක් පෙන්වා නොතිබිණි.
2020 දී 0.780 හි උපරිම මානව සංවර්ධන දර්ශක අගයට ළඟා වූ පසු, රට නොකඩවා පහත වැටීමක් පෙන්නුම් කර ඇති අතර 2023 දී එම දර්ශකය 0.776 දක්වා පහත වැටිණි.
එසේවුවද දකුණු ආසියාව තුළ, ශ්‍රී ලංකාව තවමත් සතුටු දායක තත්වයක පසුවේ.
2025 වාර්තාවේ දී ඉරානය 75 වන ස්ථානයේත්, මාලදිවයින 93 වන ස්ථානයේත්, භූතානය 125 සහ ඉන්දියාව සහ බංග්ලාදේශය 130 වැනි ස්ථානයෙත් පසුවේ.