Homeදේශීයහදිසියේ කටුනායක ගුවන් තොටුපළ පරීක්ෂාවක්.

හදිසියේ කටුනායක ගුවන් තොටුපළ පරීක්ෂාවක්.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබුණු තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

එහිදී කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම පැමිණෙන පිරිසගේ ගමන් බලපත්‍ර අංක , ජායාරූප කිසිවක් ගුවන් තොටුපොළ වෙත එවා නොමැති අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ .

කෙසේ වෙතත් මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ වෙත ලද පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් , ශ්‍රි ලංකා ගුවන් හමුදා නිලධාරීන් , ශ්‍රි ලංකා පොලිසියේ නිලධාරීන් යුධ හමුදා , සිවිල් ආරක්ෂක සේවා සහ බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව , ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර , එහිදී සැක කටයුතු කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments