පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙවර විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.
පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු කියා සිටියේය.
ඉකුත් ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවල දී යුරෝපා සංගමය ඇතුළු විවිධ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය. ඇතැම් විදෙස් නිරීක්ෂණ සංවිධාන පැමිණියේ මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනය මතය.