අමාත්‍යාංශයේ තීරණයකට අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඉන්දිකා ලියනගේ මහත්මිය පත් කිරීමට සූදානම් වේ. ඒ අනුව ඇය ඉතිහාසයේ පළමු වරට එම ධූරයට පත්වන ප්‍රථම කාන්තාවද වේ.
ඉන්දිකා ලියනගේa මහත්මිය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම තැනැත්තිය ද ඇය බව වාර්තාවේ.
මීට පෙර පාසල් විභාග රහස්‍ය අංශය භාරව කටයුතු කළ ඉන්දිකා ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවය කර ඇත.
කෙසේ වෙතත් මෙම ධූරය සඳහා තුන් කොන් සටනක් පැවැතිණි.ඒ කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාව සිට දෙපාර්තමේන්තුවට පැමිණි තිලක් වත්තුහේවා මහතා සහ දෙපාර්තමේන්තුවේ විසි වසරක පමණ සේවා කාලයක් සහිත නිලධාරිනියක් ද ඒ අතර සිටි බව වාර්තා විය. එම දෙදෙනා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වුවත් තනතුරට අදාළ විශේෂ ශ්‍රේණිය නොමැති වීම නිසා ලියනගේ මහත්මිය නිතරඟයෙන් තේරී පත්ව තිබේ.
වත්මන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මැයි මස 6 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.