Homeදේශීයවිදුලි බිල වැඩිවෙයිද?

විදුලි බිල වැඩිවෙයිද?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසනවා.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද දැනුම් දී තිබුණා.

මීට පෙර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ නිවේදනයේද වැඩිදුරටත් සඳහන් වන්නේ, පහත සඳහන් කරුණු සපුරාලීම මත කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවයි.

(i) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.

(ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන අතර, එය ඉහත සඳහන් කරුණු මත රඳාපවතීනවා.

වත්මන් රජය මැතිවරණ පොරොන්දු ඉටුකිරීමේදී මෙම වසරේ ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට 20 කින් අඩුකළා.

කෙසේවෙතත්, එය පිරිවැය-ප්‍රතිසාධන මිලකරණයක් නොවන බැවින්, මෙම පියවර සම්බන්ධයෙන් IMF සිය අප්‍රසාදය පළකර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments