අකුණු සැර වැදීමෙන් නාවික හමුදා සෙබළකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ තලෙයිමන්නාරම වැලිපර 03 අසල මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක සිටි නාවික හමුදා සෙබළකු එලෙස මියගොස් ඇති බවයි.
ඔහු 36 හැවිරිදි වියේ පසුවූ මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, තම්මැන්නා නාවික කඳවුරට අනුයුක්තව සේවය කළ බවත් පොලිසිය පවසයි. ඇටම්පිටිය පොලිස් වසමේ එන්. කින්රොස් වතුයාය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් අකුණු පහරකට ගොදුරවි තිබෙනවා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග හටගත් අකුණු සැර වැදී හයදෙනෙකු රෝහල් ගතකර ඇති බව ඇටම්පිටිය පොලිසිය පවසනවා.
එන් කින්රොස් වතුයායේ සේවය කරමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තේ දළු නෙළීමට ගොස් සිට ඇති අතර, දිවා කාලයේ නෙළා ගන්නා ලද තේ දළු එක් රැස් කරනු ලබන එම වතුයායේම පිහිටි මඩුවක් තුල රැඳී සිටියදී මෙලෙස අකුණු පහරකට ගොදුරුවී ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළා.
මොවුන් 06 දෙනා ඇටම්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 47ක් වු බණ්ඩාරවෙල නෙළුවවත්ත, ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පොලීසිය පවසනවා. 27 වනදා පස්වරුවේ අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා.
එම පිරිස අතර තරුණයන් සිව්දෙනෙකෙු සහ තරුණියක් සිටින බව වාර්තා වනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකුට අසාධ්‍ය බවයි පැවසෙන්නේ.
මෙම පිරිස අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.