Homeදේශීයකෝප් කමිටුව නඩු දාන්න ලෑස්තියි.

කෝප් කමිටුව නඩු දාන්න ලෑස්තියි.

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා.

මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළා.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බව සඳහන් කළා.

කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් පෙර කමිටු රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම මෙම තීරණයත් සමඟ වංචා දූෂණවලට එරෙහි සටනේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් වනවා.

මීට පෙර අවස්ථා ගණනාවකදීම කෝප් කමිටුව මගින් මෙරට සිදුවු වූ අතිශය තීරණාත්මක වංචා දූෂණ රැසක් හෙළි කළත් වරදකරුවන්ට දඬුවම් හිමි වී නොමැති බව සභාපතිවරයා සඳහන් කර සිටියා.

රාජ්‍ය දේපළවලට හානිකර සහ මහජන බදු මුදල් විනාශ කළ වංචා දූෂණ රැසක් හෙළිකළ ද ඒ කිසිවකට අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලැබුණේ නැති බවත් සඳහන් කළා .

නමුත් මේ වන විට කෝප් කමිටුව තීරණය කර තිබෙන්නේ එලෙස වංචා දූෂණ ආක්‍රමිකතා සිදුව ඇති බවට හෙළිවන සියලූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සුදුසු අධිකරණයක නඩු පැවරීමටයි.

ඒ අනුව මින් ඉදිරියට සමස්ත රාජ්‍ය සේවයේ සිදුවන සියලුම වංචා දූෂණ ආක්‍රමිකතා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සෘජුව වගකිවයුතු වෙනවා.

එපමණක් නොව එම නිලධාරීන්ට අධිකරණය ඉදිරියට යෑමට ද සිදුවනවා.

මෙය මෙරට වංචා දූෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීමේ ප්‍රයත්නයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments