Homeදේශීයමහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ තවත් අවුලක්.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ තවත් අවුලක්.

පරිපාලන අර්බුද රාශියකට මැදිහත් වී සිටින මහජන ආරක්ෂක අමාත්‍යංශය තවත් පරිපාලන අර්බුදයක් සඳහා පාර කපාගෙන ඇත.

දැනට පුරප්පාඩු වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට තුන් වන ශ්‍රේණියේ නිලධාරීනියක් පත් කිරිමට ඇමතිවරයා පියවර ගෙන ඇත.

විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන මෙම තනතුර සදහා දැනට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන චන්ද්‍රිකා මංචනායක මහත්මියගේ නම යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස්කොට ඇති අතර ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාමාන්‍යයෙන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජ්‍ය හා සහකාර තනතුරු පිළිවෙලින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිල බලයෙන් හිමිවේ.

එසේ තිබියදී සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරක පමණක් කටයුතු කර ඇති නිලධාරිනියක් මෙම තනතුරට පත්කිරිම තුලින් පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීන් රාශියකට මෙම කනිෂ්ඨ නිලධාරිනිය යටතේ ඉදිරියේදී කටයුතු කිරීමට සිදුවනු ඇත.

දැනටමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමියක් කටයුතු කරමින් සිටින අතර ඇයද, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි. ඒ අනුව ඇයටද ඉදිරියේ ඇයට වඩා කනිෂ්ඨ නිලධාරිනියක් යටතේ කටයුතු කිරිමට සිදුවනු ඇත.

මෙවැනි පරිපාලන වරදක් සිදු කිරීම සඳහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කටයුතු කරන විට ඒ සඳහා පූර්ණ සහයෝගය පළකරමින් දැනට අමාත්‍යාංශයේ එක් අතිරේක ලේකම්වරියක් හා ජේෂ්ඨ සහකාර ලේකම්වරියක් කටුයුතු කරද්දී අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් නිහඬව බලා සිටීමද පුදුමයට කරුණකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments