Homeදේශීයසිව්දෙනෙක් මියගිහින්. අනුරත් නුවරට එයි.

සිව්දෙනෙක් මියගිහින්. අනුරත් නුවරට එයි.

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවා සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක කටයුතු ආදී නිසි පහසුකම් සැලසීමට ගත හැකි කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කර ඇත.

මේ අතර දළඳා වන්දනාවට පැමිණි පෝලිමේ සිටි බැතිමතුන් සිවු දෙනෙකු මියගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසනවා.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි දෙදෙනෙක් මියගිය අය අතර වනවා.

මින් තිදෙනකු පෝලිමේ සිටියදී හෘදයාබාධ හේතුවෙන් මියගොස් ඇති අතර කාන්තාවක ත්‍රිරෝද රියක ගැටීමෙන් මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිසිය සඳහන් කළේ, මියගිය සිවු දෙනාම අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් බවත් ඔවුන් කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල පදිංචිකරුවන් වන බවයි.

එමෙන්ම සිරි දළදා වන්දනාවට පැමිණ මෙලෙස මියගිය වැඩිහිටියන් සිවු දෙනාගෙන් තිදෙනෙකු හෘදයාබාධ වලට ලක්වීමෙන් මියගොස් ඇතැයි නිරීක්ෂණය වූ බව පොලිසිය සඳහන් කළා.

අනෙක් කාන්තාව මිය ගොස් ඇත්තේ කටුගස්තොට නගරය ආසන්නයේ දළදා වන්දනා පෝලිමේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක ගැටීමෙන්.

මහනුවර නගරයට දරා ගත නොහැකි පිරිසක් ඉකුත් දිනවල සිරි දළදා වන්දනාව සඳහා පැමිණ සිටි අතර එම නිසා දෙදිනක ගතවන තුරු මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය නිවේදනය කළා.

ඊට අමතරව නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි පිරිසක් මහනුවරට රැස්ව සිටින බැවින් එම තීරණය ගෙන තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments