Homeදේශීයපළාත් පාලන අපේක්ෂකයන් 25 ක් අත්අඩංගුවට

පළාත් පාලන අපේක්ෂකයන් 25 ක් අත්අඩංගුවට

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින තවත් අපේක්ෂකයන් දෙදෙනකු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මාර්තු 3 වැනිදා සිට ඊයේ දිනය දක්වා වූ කාලය තුළ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 25 දෙනකු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, 23 වනදා දේශපාලන පක්ෂ ආධාරකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු ආධාරකරුවන් සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයකට අනුව 23 දිනයේදී පමණක් මැතිවරණයට අදාළ අපරාධ පැමිණිලි තුනක් ලැබී ඇති අතර, මේ වනවිට වාර්තා වී ඇති ඡන්ද විමසීමට අදාළ මුළු අපරාධ පැමිණිලි සංඛ්‍යාව 61කි.

23 දිනයේ පමණක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 20ක් ලැබී ඇති අතර, ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි.

එමෙන්ම එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදා සිට ඊයේ දිනය දක්වා රථවාහන 23ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments