Homeදේශීයකාශ්මීරයේ වෙඩි තැබීමකින් 26ක් මරුට.

කාශ්මීරයේ වෙඩි තැබීමකින් 26ක් මරුට.

දකුණු කාශ්මීරයේ සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද මිය ගොස් තිබේ.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා ඇති බව සඳහන්ය.

ඒ අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව සඳහන්ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments