Homeදේශීයඅද එන්න එපා. තව දවස් 4ක් තියෙනවා

අද එන්න එපා. තව දවස් 4ක් තියෙනවා

සිරි දළදා වන්දනාව”අද දිනයේ සිදුකර ගැනීම සඳහා ඊයේ සවස 06 පමණ වන විට අසූදහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටි බව පොලීසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අද උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අද දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින් බැවින් අද දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙමගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය පවසනවා.

“සිරි දළදා වන්දනාව” පසුගිය 18 වනදා ආරම්භ කල අතර අද දක්වා කාලය තුල විශාල සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ වන්දනාමාන කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments