Homeදේශීයජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පවසයි.

ඔහු සඳහන් කළේ, එම කමිටුවේ ප්‍රධානත්වය දරනු ලබන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක එම කමිටුවේ ඉතිරි සාමාජිකයන් ලෙස පත් කර ඇති බවය.

එමෙන්ම, මෙම කමිටුව මගින් තවත් අනු කමිටු ගණනාවක් පිහිටුවා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරට ත් පැවසීය.

කෙසේවෙතත්, මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර සමන්විත වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මගින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින බවත් කෙටි කාලයක් තුළදී මීට අදාළ විමර්ශන ආරම්භ කර නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments