Homeදේශීයනීතිඥයා රට. ආවම එන්නම්

නීතිඥයා රට. ආවම එන්නම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත්, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමාගේ නීතීඥවරයා විදෙස්ගතව ඇතිබැවින් ඔහු දිවයිනට පැමිණි විගස තමා අල්ලස් කොමිසමට පැමිණෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ නඩුවට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට මින් පෙර දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත්,ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments