මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට කියයි
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කළැයි කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහිව පවරා ඇති නඩුවට අදාලව විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියා.
ඒ අනුව සිද්ධියට අදාල වැඩිදුර වර්තා කැඳවිමට මහේස්ත්‍රාත්වරයා පෙබරවාරි 23 වන දින නඩුව යළි කැඳවිමට නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
සිද්ධියට අදාල සැකකරු මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක ඇප මත මුදා හැර තිබෙනවා.
පෙබරවාරි 23 නඩුව යළි කැඳවිමට නියමිතයි.



