Homeදේශීයපිල්ලෙයාන් ගැන ගම්මන්පිලගේ මාධ්‍ය හමුව අද.

පිල්ලෙයාන් ගැන ගම්මන්පිලගේ මාධ්‍ය හමුව අද.

වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසා තිබෙනවා.

“වට්නිව්ස්” වෙබ් අඩවිය මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී උදය ගම්මන්පිළ මහතා පෙන්වාදී ඇත්තේ, පිල්ලෙයාන් පිළිබඳව මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල වැරදි කරුණු ප්‍රචාරය කෙරෙන බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පිල්ලෙයාන් සමග අප්‍රේල් 13 වැනිදා මුණගැසීම පිළිබඳ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10 ආ 1 යටතේ ඕනෑම රැඳවියෙකුගේ නීතිඥයාට හමුවීමේ අවස්ථාව තියෙනවා. ඔහුව බලන්න නීතිඥයා අප්‍රේල් 09 වැනිදා ගියා. එහෙත් ඒ නීතිඥයාට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නීතිඥයා මා එක්ක කිව්වා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කතා කරලා අවසර නොදුන්නේ ඇයිද කියා ඇහුවා. ඔහු එවැනි සිදුවීමක් දන්නෑ කිව්වා. පිල්ලෙයාන්ගේ නීතිඥයා වැකේෂන් ගිහිල්ලා නිසා මම බලන්න ආවොත් ඉඩ දෙනවාද කියා විමසුවා. ඊට පස්සේ මම ලියුමක් ලීවා මම නීතිඥයා කියන කරුණ සඳහන් කරමින්. එම ලියුම යොමු කරලා පැය කිහිපයක් ඇතුළත මට දැනුම් දීලා කිව්වා පහුවදා උදේ 10ට හමුවෙන්න කියලා. ඒ අනුව මම ගිහින් ඔහුව මුණගැහුණා. වැඩිදුර විස්තර මම මාධ්‍ය හමුවේදී කියන්නම්” යනුවෙනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments