Homeදේශීයජන හා නිවාස සංගණනයේ සම්පූර්ණ වාර්තාව අගෝස්තුවේ

ජන හා නිවාස සංගණනයේ සම්පූර්ණ වාර්තාව අගෝස්තුවේ

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” මූලික වාර්තාව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දුන්නේය.

මෙය 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද
දත්ත පදනම් කර ගනිමින් සකස් කළ සංගණනයේ මූලික වාර්තාව පමණක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මෙහි සම්පූර්ණ වාර්තාව අගෝස්තු මාසයේදී එළි දැක්වීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සකස් කරමින් සිටින බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න මහත්මිය පැවසුවාය.

මෙම මුලික වාර්තාවේ අන්තර් ගත වූයේ ශ්‍රී ලංකාවේ ජනගහනය ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන
ව්‍යාප්තිය පිළිබඳව පමණි. ඒ නිසා සංගණනයේ අනෙකුත් විශ්ලේෂණ සියල්ල ඇතුළත් කර මෙම සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට නියමිතය.

ඒ අනුව සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට, ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වේ. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments