ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය සමග තීරණාත්මක සහ බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී මතු වීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසීය.
ඉන්දීය අගමැති මෝදිගේ ලංකා සංචාරයේ දී අත්සන් කරන ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම්වලට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළකළේය.
එදා අප්‍රේල් විරුවන් ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දී අරගල බිමට ප්‍රවේශ වූ ඓතිහාසික දිනයේම ජාතික ජන බලවේගය පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් බව ද ඔහු සඳහන් කළේය. අපිට දැන් මේ ආණ්ඩුව යන මාර්ගය පැහැදිලියි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව හදන්න ඡන්දය පාවිච්චි කල ජනතාවට වගකීමක් තියනවා මේ ඓතිහාසික වැරද්ද වෙන්න දෙන්නැතුව තමන් ඡන්දය දීලා පත්කල ආණ්ඩුව නිවැරදි පාරට ගන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සහෝදරවරුන්ගෙන් අපි මේ වෙලාවෙ අහනවා මේ වැරද්ද දිහා නිහඬතාව බලාගෙන ඉන්නෙ ඇයි. රට ඉන්දියාවට පාවාදෙන ලෝක දේශපාලන බල සූදුවට ලංකාව ඇදල දාන ගිවිසුම් අත්සන් කරනකල් නිහඬතාව බලාගෙන හිටියොත් ඔබට අනාගතයේදී හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙනවා. විශේෂයෙන් මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙන අප්‍රේල් 5 කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඓතිහාසික දවසක්. එදා අප්‍රේල් විරුවන් මේ ජනතාද්‍රෝහී අධිරාජ්‍යවාදී ආණ්ඩුවට එරෙහිව 1971 දි අරගල බිමට ප්‍රවේශ වුනු ඓතිහාසික දවසෙම මේ පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීම දෛවයේ සරදමක් වගේ දෙයක්. අපි රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජනතාද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්න මැදිහත් වෙමු කියලා. ” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.