Homeදේශීයඅමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය මොනවද කළේ රවී අහයි

අමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය මොනවද කළේ රවී අහයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීම එකවර සිදුකරන ලද්දක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළම ඔහු ඒ බව සඳහන් කර තිබූ බවත්, අපනයනකරුවන්ට අමෙරිකානු වෙළඳපොලට ඇතුළත්වීම යම් බද්දක් අය කරන බවට ඔහු සඳහන් කර තිබූ බව රවී කරුණානායක මහතා පවසා සිටියා.

නමුත් අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් සිදුකර නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

අනෙකුත් රටවල් මේ සඳහා පෙර සූදානමකින් සිට ඇති බවත්, ඉන්දියාව පසුගිය වසරේ සිට අමෙරිකාවෙන් LNG ආනයනය කිරීමට පටන්ගෙන තිබිම හේතුවෙන් ඉන්දියාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය අඩුවී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments