Homeදේශීයසතොස සහන පැකේජය නවත්වන්න.මැ.කො.ස

සතොස සහන පැකේජය නවත්වන්න.මැ.කො.ස

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා
ලබාදීමට නියමිතව තිබුණි.

රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය වී තිබුණි

RELATED ARTICLES

Most Popular

Recent Comments