Homeදේශීයරාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා.

සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරුකර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියා.

මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments