Homeදේශීයබස්, ත්‍රිරෝද රථ ගාස්තු සහ ඉන්ධන මිල

බස්, ත්‍රිරෝද රථ ගාස්තු සහ ඉන්ධන මිල

ජූලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ ඩීසල් මිල අඩු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

ගැමුණු විජේරත්න මෙහිදී තවදුරටත් පවසා සිටියේ, මේ වන විටත් රුපියල් 03 ක පාඩුවකින් බස් රථ ධාවනය කරන බවයි.

“වගකීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම ජූලි,ජූනි, අප්‍රේල් අග වෙනකොට වාර්ෂික බස් ගාස්තුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අඩු වීම කෙසේ වෙතත්, අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා ඉතින් අපි මේ අවධානම දැන් සති දෙකකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක අපි සාකච්ඡා කළා. අපි මේක සෘජුව දැනුම් දුන්නා. ඔහුට කෙසේ වෙතත් ජූලි මාසය වෙනකොට මේ බස් ගාස්තු වැඩි වීමකට අපිට යන්න සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට ආදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි. ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ. මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

RELATED ARTICLES

Most Popular

Recent Comments