ජනාධිපතිවරයාට පවතින කාර්යබහුල තත්වයත් සමග ඔහුගේ යටතේ පවතින මුදල් අමාත්‍ය ධූරයට අදාළ තින්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසනවා.
ඒ අනුව එම තත්ත්වය මඟහැරීම සඳහා කඩිනමින් තීන්දු තීරණ ගත හැකි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු බව ඔහු සඳහන් කරනවා.
මේ සඳහා ජනාධිපතිවරයාට විශ්වාසවන්ත නියෝජ්‍ය ඇමතිවරයකුගේ අවශ්‍යතාව පවතින බව පසුගිය දිනවල වාහන ආනයනය සම්බන්ධයෙන් මුහුණ දුන් අත්දැකීම්වලදී පෙනී ගිය බව කුලතුංග මහතා පැවසුවා.
ඒ පසුගිය දා පැවැති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදීයී.
ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතා අසීරු අඩියකට පැමිණ ඇති බවයි.