Homeක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද කොළඹදී පැවැත්වෙනවා.

වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා නැවත වරක් සභාපති තනතුර සදහා මෙවර නිලවරණයේදී නාමයෝජනා භාර දී තිබෙනවා.

ඊට අමතරව සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන්නේ ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වෙල යන මහත්වරුන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති, ලේකම්, උප ලේකම්, හාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සදහාද අද පැවැත්වෙන නිලවරණයේදී නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ආරම්භ වනු ඇති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments