Homeදේශීයහෙට සිට මුද්දර ගාස්තු 100%කින් ඉහළට

හෙට සිට මුද්දර ගාස්තු 100%කින් ඉහළට

අප්‍රේල් 1 වැනි දින (හෙට) සිට බලපැවැත්වෙන පරිදි, දේපල සඳහා කුලී සහ කල්බදු ගිවිසුම්වලට අදාළ මුද්දර ගාස්තුව 100% කින් වැඩිකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව, සංශෝධිත ගාස්තු ව්‍යුහය ලබන මස මුලදී ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සම්පූර්ණ කුලී කාලය සඳහා අධිභාරය ඇතුළුව මුළු කල්බදු හෝ කුලී ගිවිසුමේ සෑම රුපියල් 1,000 ක් හෝ එහි කොටසකටම මුද්දර ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩිකෙරේ.

2006 සිට මෙම මුද්දර ගාස්තු කාණ්ඩයේ පළමු සංශෝධනය මෙයයි.

කෙසේවෙතත්, කුලී මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා පාරිභෝගික ණය පනත යටතේ අය කරනු ලබන මුද්දර ගාස්තුව නොවෙනස්ව පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments