Homeජාත්‍යන්තරඅද පලස්තීනයට සාමය පතා යාඥා කරමු

අද පලස්තීනයට සාමය පතා යාඥා කරමු

ජාත්‍යන්තර කුෂ් (International Quds Day) දිනය යෙදෙන අද පලස්තීනයට සාමය පතා මෙරට ජනතාව යාච්ඥා කරන්නැයි

පලස්තීනයේ හිටපු තානාපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික පවුසාන් අන්වර් ඉල්ලීමක් කළේය.

පලස්තීනයේ ඓතිහාසික භූමියක් වන ගාසා තීරයේ දැනට පවතින යුද ගැටුම් සමනය කොට ලෝක සාමය උදාකර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙරට ජුම්මා මුස්ලිම් පල්ලි සියල්ලගේම මෙලෙස යාච්ඥා පවත්වන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ලොව පුරා මුස්ලිම් ජනතාවගේ මුදුන්මල්කඩක් සේ සැලකෙන පලස්තීනයේ අල් ලක්ෂා පල්ලිය ප්‍රධාන ලෝකයේම ජනතාව මෙම ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ පලස්තීනයේ සෑම නිවෙසකම ජනතාවගේ ප්‍රියතම පානය බවට චිරාත් කාලයක් තිස්සේ පත්ව ඇත.

එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පටන් ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස පිදුම් ලැබූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙන්ම සියලු පක්ෂ නායකයන්ගේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය හමුවේ පලස්තීනයට ඉහළ පිළිගැනීමක් ලබා දී තිබේ.

අතීතයේ පටන් මිත්‍රශීලී සහ වාණිජ කටයුතුවලදී ඉතා වැදගත් රටක් වන පලස්තීනය ශ්‍රී ලංකාවට සමීප වූවකි. එහි යසර් අර්ෆාත් නායකයාගේ කාලයේ පටන් මේ වන තෙක්ම මෙරට සමඟ සුහදව කටයුතු කරනු ලබයි.

කරුණු එසේ වන අතර ලෝකයේ සාමය උදෙසා ගාසා තීරයේ ගැටුම් වහාම නතරකර ලීමට සියලු ආශිර්වාදයන් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මෙම යාච්ඥා පැවැත්වීම සහ ජාත්‍යන්තර දිනය සැමරීම ඉතා වැදගත් වන බව ද අන්වර් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments