මෙරට හිටපු හමුදා ප්‍රධානීන් ඇතුලු සිව් දෙනෙකුට බ්‍රිතාන්‍ය රජය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, මෙම ක්‍රියාව කුමන්ත්‍රණයක් බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා :
“මේ ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. ඒ අය මිනිස්සු මැරුවේ නෑ. අවසාන සති දෙක මතක ඇති. අපි මැරිලා උපන්නේ නෑ. ජාතීවාදි විදිහය ඒ අය විනාශයන් කළේ නෑ. මම අවස්ථා 5කදී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට හිටියා. ප්‍රභාකරන් මැරෙද්දිත් වැඩබලන ආරක්ෂක ඇමති මම. ඉතිං මම දන්නවා අවසාන සති දෙකේ මොකද වුණේ කියලා. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මේ කරපු දේ ඉතාම අසාධාරණයි. මේ අය රට වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්. අපේ රණවිරුවෝ ජීවිත කොච්චරක් පූජා කළාද? ඒ කළේ රට වෙනුවෙන්. ඇල්ෆ්‍රඩ් දොරයප්පා, අමිර්තලිංගම් වගේ අය එල්.ටී.ටී.ය මැරුවා. ඒ අය මැරුවේ ඇයි ? මේවා ගැන කතා කරන්න ඕනේ. ඒත් අපේ හමුදා සාමාජිකයින්ට කරපු දේ කුමන්ත්‍රණයක්. ජනතාව අවධියෙන් ඉන්න ඕනේ. යුද්ධය ඉවර වුණේ නැත්නම් කොළඹවත් පොලොන්නරුවත් ඉතුරු වෙන්නේ නෑ. මම දැඩි ලෙස කම්පනයට පත්වෙනවා වගේම කණගාටුවට පත්වෙනවා මේ රට බේරගත්ත ජාතික වීරයින්ට ජාත්‍යන්තර වශයෙන් කරපු අසාධාරණයට”
යුද්ධයේදී ඇතිවූ බව කියන සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීයව යාන්ත්‍රණයක් ඇති කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය
යෝජනා කර තිබියදීත් ඒවාට ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි සම්බාධක පැනවීමට කටයුතු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.
මහා බ්‍රිතාන්‍ය මේ වන විට මෙරට යුධ සමයේ සිදු වූ බව කියන මානව හිමි කම් කඩවීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට හා හිටපු එල්. ටී.ටී සන්නද්ධ අංශයේ නායකයෙකුට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්‍යවරයා මාධ්‍යයට අදහස් දැක්වීමක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, යුද්ධයේදී ඇතිවූ බව කියන සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීයව යාන්ත්‍රණයක් ඇති කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානවීම්කම් කවුන්සලය යෝජනා කර තිබියදීත් ඒවාට ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි සම්බාධක පැනවීමට කටයුතු කර ඇති බවත් එමෙන්ම මෙවර සම්බාධක පනවා ඇත්තේ පුද්ගලයන් සිව් දෙනෙකුට වන අතර මේ ආකාරයටම රට සඳහා සම්බාධක පැනවීමේ හැකියාවක් ද තිබෙන බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය වර්තමාන රජය පිළිබඳව විශ්වාසයකින් කටයුතු කරන බව පැවසූ ඔහු මෙහිදී විමසා සිටියේ මෙසේ සම්බාධක පනවන අය වෙනත් රටවල යුද්ධවලදී සිදුවෙන දේවල් පිළිබඳව ඒවාට චෝදනා නොකරන්නේ ඇයි ද? යන්නයි.