Homeදේශීයකරුණා - පිල්ලෙයාන් - වියාලේන්ද්‍රන් සන්ධානගතවෙයි. වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

කරුණා – පිල්ලෙයාන් – වියාලේන්ද්‍රන් සන්ධානගතවෙයි. වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයේදී අත්සන් තබනු ලැබීය.

මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව තිබුණි.

සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් සහ වියාලේන්ද්‍රන් යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහෙයවනු ඇති බව වාර්තා වෙයි. එවන් පසුබිමක හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments