Homeදේශීයතවත් ලැයිස්තුවක්ද.හිඟ විදුලි බිල්පත්.

තවත් ලැයිස්තුවක්ද.හිඟ විදුලි බිල්පත්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස සදහා ලබාදි ඇති විදුලි සම්බන්ධතා 46ක් සඳහා හිඟ විදුලි බිල්පත් මුදල් ලෙස රුපියල් මිලියන 11.66ක මුදලක් අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
මෙම හිඟ මුදල වසරකට වැඩි කාලයක් තිස්සේ අයවිමට තිබූ අතර රුපියල් මිලියන 5.29ක මුදලක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ අය වීමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් මිලියන 12.21 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිල නිවාස සඳහා ලබා දී තිබු විදුලි සම්බන්ධතා 46ක් 2023 වර්ෂයේ දි අවසන් කරණ ලද ( අක්‍රිය) ණය ගැතියන් ලෙස වර්ගිකරණය කර තිබුණි.

පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ නිල නිවාසවලට ලබාදි ඇති සම්බන්ධතාවලින් හිඟ මුදල් අයකරගැනිමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

හිඟ මුදල් අයකරගැනීම සදහා අඛණ්ඩව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩලය විසින් විගණනයට සඳහන්කොට ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments