මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තනතුරෙන්
ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට
පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් සමගි ජන බලවේගය හැටියට
සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි. පෙරේරා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි. පෙරේරා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස්
දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පි. පෙරේරා මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .
“දේශබන්දු තෙන්නකෝන් නිසැක ලෙසම මේ රටේ නීතියේ ආධිපත්‍යයට අභියෝග
කරපු කෙනෙක් …. දින 20 ක් සැඟවී සිටීමෙන් ඔහු පෙන්නුම් කලා ..ඔහු නීතියේ
ආධිපත්‍යයට ගරු කරන්නේ නෑ කියලා …. ඒවගේම බලවත් වූ චරිත දුෂණයක්
ඔහු තුල තිබෙන බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා …. අපරාධ නඩුවක වරදකරු
කිරීම වෙන වැඩක් … හැබැයි ඔහු ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් කරුණු
තිබෙනවා … පාර්ලිමේන්තුවේ යෝජනාවක් … සම්මත කරලා කරන්න පුළුවන්.
දේශබන්දු තෙන්නකෝන් දැන් නිල වශයෙන් දරන පොලිස්පති ධූරයෙන් ඉවත් කරන්න
පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවනම් සමගි ජන බලවේගය හැටියට සහය
දෙනවා.අනිවාර්යයෙන් අපි සහාය දෙනවා.මොකද අපේ රටට ස්ථිර
පොලිස්පතිවරයෙක් අවශ්‍යයි.අපි සුදානම් දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන්
ඉවත් කිරීමට සහය දෙන්න.යෝජනාව ගෙන ඒමේ වගකීම තියෙන්නේ රජයට
අපි සහාය දෙනවා “ බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද දහවල් පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.