Homeදේශීයඅයවැයට පක්ෂ වූ කාදර් මස්තාන්ගේ නම ඉන්ධන පිරවුම් හල් ලැයිස්තුවේ

අයවැයට පක්ෂ වූ කාදර් මස්තාන්ගේ නම ඉන්ධන පිරවුම් හල් ලැයිස්තුවේ

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණා.

අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 ක්.

ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 114කින් ජයගැනීමට රජය සමත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ගත් තීරණය පිළිබඳව ඔහු මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනා.

“මේක ආණ්ඩුවේ පළවෙනි අයවැය. ජනතාව ඔවුන්ව බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕනේ කියලා තමයි ජනතාව හිතන්නේ. අපේ රටේ ජනතාවගේ අදහසත් කැමැත්තත් එක්ක තමයි මමත් වැඩ කරන්නේ. ඒකයි මමත් පක්ෂව ඡන්දය දුන්නේ.”

“අපි ඉස්සරහට බලමු. ජනතාව හිතපු විදියට ආණ්ඩුව වැඩ කරයිද ? කියලා. ජනතාව දීලා තියෙන බලයට විරුද්ධව අපි ක්‍රියා කරනවාට වඩා ජනතාව වෙනුවෙන් අපේ සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ.” මන්ත්‍රීවරයා මෙසේ පැවසුවද අයවැය විවාදය අතරතුර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා විසින් ඉන්ධන බෙදා හැරීම් වලට සම්බන්ධ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලැබූ අතර එම ලැයිස්තුවේ මෙම මන්ත්‍රීවරයාගේ නම සඳහන් වී තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments