Homeදේශීයගුවන් යානා අනතුර ගැන හොයන්න සත් පුද්ගල කමිටුවක්

ගුවන් යානා අනතුර ගැන හොයන්න සත් පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සදහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන පුහුණුවීමක් අතරතුර කුරුණෑගල වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරකට ලක්විය.


එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වී කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස ඇත.


මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුල කර තිබේ.
මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙන් පෙරවරු 07.27ට පමන ගුවන් ගතවී ඇති අතර පෙරවරු 07.55ට පමන මෙම අනතුර සිදුවි ඇත.


මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙම ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් සිදු කිරිම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කරන ලදි.

RELATED ARTICLES

Most Popular

Recent Comments