Homeදේශීයපොලිස් මාධ්‍යය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි. නැවත රිවස් වෙයි.

පොලිස් මාධ්‍යය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි. නැවත රිවස් වෙයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා තෙක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී භාරත තෙන්නකෝන් මහතා සිය මුහුණුපොතේ වරින් වර සටහන් කිහිපයක්ම තබා තිබුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකරී භාරත තෙන්නකෝන් මහතා සිය මුහුණුපොතේ තැබූ එක් සටහනක් පහතින්,

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි.,

මම මහත්මයාට යෝජනා කරනවා – මහත්මයා මේ අපෙන් ඇහුවාට මහත්මයාත් මහත්මයලගේ ලොකු මහත්මයා ඉන්න තැන ගැන හරියටම දන්නවා කියලා.

නමුත්., ඒ ඉන්න තැන පරීක්ෂා කරන්න තරම් ලංකාවේ පොලිසියට හයියක් නැති නිසා මහත්මයා ජනතාව සන්තෝස කරන්න මේ වගේ ප්‍රකාශ කරනවා කියලා.

මම දන්නවා මහත්මයා මේකට “පිළිගන්නේ නැහැ..” කියලා උත්තර දෙන බවත්.

නමුත් මහත්මයාට මම කරන මගේ යෝජනාවට මහත්මයාට විශ්‍රාම ගිහිං වුණත් උත්තර දෙන්න පුළුවන්.හරිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බවට වාර්තා වනවා. පොලිස් නිලධාරියෙකුට යම් වගකීමක් පැවරුනොත් පොලිස් නිලධාරියෙකුට කිසිම වෙලාවක තමන්ට පැවරුණු වගකීමෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.

ඒ අද උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

කෙසේවෙතත් තමන් තමන්ගේ පෞද්ගලික හේතුව මත ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවත් නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු වී මේ වෙනුවට යම් නිලධාරියෙකු පත් කරන තුරු තමන්ට පවරා ඇති වගකීමෙන් මිදීමට හැකියාවක් නැති බවද සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදු වී ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් යම්කිසි තීරණයක් ලබා දෙන තුරු තමන් සිය තනතුරේ රාජකාරී කළ යුතු බවත් සඳහන් කළා.

තමා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම අනුව ජාතික පොලිස් කොමිසන් සභාව සහ අනෙකුත් ආයතන මගින් ඒ සඳහා වෙනත් නිලධාරියෙකු නම් කරන තුරු තමන් වෙත පැවරී ඇති වගකීම් සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ඨ කරන බවත් පවසා සිටියා.

ඉදිරියේදී යම් නිලධාරියෙකු ඒ සඳහා පත් වන තුරු තමන් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමාට පැවරී ඇති රාජකාරිය ඉෂ්ඨ කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments