ශ්‍රී ලංකා පොලිසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය පණිවුඩයක් සකස් කර පොලිස් විරුවන් අනුස්මරණය කර සිටී. රටක ඉතිහාසය දෙස හැරී බැලීමේදී එරට ජනතාව මුහුණදුන් යහපත් මෙන්ම අයහපත් කාල පරිච්ඡේදයන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. වීරයන් යනු සමාජයක් අගතියට, අසාධාරණයට ලක්වන
අවස්ථාවන්වලදී හුදු බොහෝ දෙනාගේ ජීවිත හා දේපළ සුරැකීමට ස්වේච්ඡාවෙන්ම තම දිවිපරදුවට තබා කටයුතු කරන්නන් බව අවිවාදයෙන් සඳහන් කළ යුතුය. පරාර්ථකාමීව සිය ජීවිත අනතුරේ බව දනිමින් බොහෝදෙනාගේ ජීවිත රැකගත් විරුවන්ට කෘතවේදී වන මෙම දිනය පිළිබඳව දැනුවත්ව තම උපහාරය දැක්වීම ඔවුන් වෙනුවෙන් අපහට කළ හැකි අල්පමාත්‍ර ගෞරවය වනු ඇත.
ඒ අන්කිසිවක් නිසා නොව අපට නිදහසේ හුස්ම ගනිමින් රිසි සේ සමාජයේ හැසිරෙමින්, ජීවත් වීමේ අයිතිය හිමිකර දෙන්නට ඔවුන් කැප වූ නිසාවෙනි. ශ්‍රී ලංකා පොලිසිය සෑම වසරකම මාර්තු මස 21 වැනි දිනයේදී අනුස්මරණය කරනු ලබන්නේද අද අපි අත්විඳින නිදහස වෙනුවෙන් දිවිපිදූ එවැනි පොලිස් විරුවන්ය. මෙවැනි පසුබිමක අද ශ්‍රීලංකා පොලිසීයට විශේෂිතයි.පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ධූරයේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා ඇති අතරම ඔහු මේවනවිට බන්ධනාගාරගතව සිටියි.එමෙන්ම පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා එම ධූරයෙන් ඉවත් වී තිබේ.වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කරනු ලබයි.