රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ, රාමනාදන් අර්ච්චුනා මහතා සභාව තුළදී සහ ඉන් පිටතදී විශේෂ පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් සහ විවිධ සංවිධානවලට එරෙහිව සිදු කරමින් ඇති විවිධ අවමන් සහගත ප්‍රකාශ හේතුවෙන් හටගෙන ඇති අසහනකාරී තත්වයන් පිළිබඳව කතානායකවරයාට පැමිණීලී ලැබී ඇති බවයි.
මෙම හැසිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මහතාට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන බව නිරීක්ෂණය වී ඇති බවද කතානායකවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව,අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම අත්හිටුවන බව කතානායකවරයා ප්‍රකාශ කළා.
කතානායකවරයා අවධාරණය කළේ රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බව කතානායකවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට සිට මැයි 08 දක්වා වූ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ තුළඅර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව,මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.