Homeදේශීයමහින්දට විකල්ප අධිපතිධූරයක්

මහින්දට විකල්ප අධිපතිධූරයක්

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරයට පත් වීමට නියමිතය. මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවන්නේ වසර 12කට පසුවය.

නව තනතුර සඳහා මහින්ද සිරිවර්ධන මහතාගේ නම රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවට යොමු කර ඇත. මෙම උසස් තනතුර සඳහා මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් වරයකු වන අජිත් අබේසේකර මහතා ද ඉල්ලුම් කර තිබුණි. එහෙත් රජය තෝරාගත්තේ මහින්ද සිරිවර්ධන මහතා ය. ඔහු මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.

මුදල් ලේකම්වරයා නව තනතුර සඳහා පත්ව යාමෙන් පසු මුදල් අමාත්‍යංශ ලේකම් පදවියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments