Homeදේශීයදේශබන්දුගේ බිරිඳ සහ පුතා නිවසේ

දේශබන්දුගේ බිරිඳ සහ පුතා නිවසේ

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට ගොස් බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද දේශබන්දු තෙන්නකෝන් සිටිනා තැනක් ගැන කරුණු අනාවරණය නොවූ බවයි.

මාතර,වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වනදා නියෝග කළා.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදි අදට දින 15ක් ගත වී අවසන් වුවත්, අද වන විටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හමු වී නැහැ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments