Homeදේශීයජාතික සත්ත්ව සංගණනය අවසන්

ජාතික සත්ත්ව සංගණනය අවසන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනය මේවනවිට අවසන් වී තිබේ.

ඒ අනුව,අද පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතුවිය.

මෙම ජාතික සත්ව සංගණනය ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරේයේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ සහයෝගයෙන් සිදුකෙරුණා.

ඒ, බෝග වගාවන් සඳහා හානි කරන වන ජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම, ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීම යන අරමුණු ප්‍රමුඛ කරගනිමින්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments