Homeපුවත්බටලන්ද කොමිෂන් වාර්තාවේ ජවිපෙ ගැනත් සඳහන්

බටලන්ද කොමිෂන් වාර්තාවේ ජවිපෙ ගැනත් සඳහන්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම වාර්තාව පිළිබඳව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කරනු ලැබ තිබේ.

සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳව නැවතත් සංවාදයක් මතුවූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක අල්ජසීරා රුපවාහිනියේ ‘Head to Head’ වැඩසටහනේදී මතුකළ කරුණුත් සමගය.

මේ පිළිබඳව සෘජුවම චෝදනා එල්ල වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

එවන් පසුබිමක මෙම කොමිසම් වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවද සඳහන් කර ඇති බව අනාවරණය වේ.

1987 අගෝස්තු මාසයේ සිට රටේ ආරක්ෂක තත්ත්වය අනුක්‍රමිකව හා අඛණ්ඩව පිරිහිණ.දේශපාලනඥයින්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල විය.රජයේ දේපළවලට සිදු කරන ලද හානිය බිය උපදවන තරමින් විශාලය.පර්යන්ත ප්‍රදේශවල පිහිටි රජයේ ආයතන ගිනිබත් කරන ලදී.තවත් සැලකිය යුතු ලක්ෂණයන් වූයේ රජයේ සංවිධාන තුළ මැනවින් සංවිධානය කරන ලද වැඩ වර්ජන පැවැත්වීමය.
නොයෙක් රජයේ ආයතනවල අනුක්‍රමයෙන් වැඩ කටයුතු නතර විය.මෙය සිදුවූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හැඳින්වුනු සංවිධානයක් විසින් එම ස්ථානවලට යැවුණු තුන්ඩු කැබැල්ලකින් දුන් නියෝග සමගය.

ඇඳිරි නීති නියෝගද ක්‍රියාත්මක විය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නියෝග නිකුත් කරනු ලැබුවේ කීර්ති විජයබාහු යන නම යටතේය මෙහි ප්‍රතිඵලය ලෙස රට තුළ අරාජික තත්වයක්ම බඳු තත්ත්වයෙන් පැවතිණ.

RELATED ARTICLES

Most Popular

Recent Comments