Homeදේශීයසිරිකොතේ කලබලයක්

සිරිකොතේ කලබලයක්

එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායක පත්වීම් ලබාදීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම පත්වීම් ලිපි ලබාදෙන අවස්ථාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න මහතා තම පත්වීම් ලිපිය ලබා ගනිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි පක්ෂයට පැමිණීමත් සමඟ සිදුවන අසාධාරණයක් පිළිබඳව පක්ෂ නායකත්වයට විවේචනයක් එල්ල කළා.

මේ අතර අගලවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති රෝහණ ගලබඩ මහතා සහ සභාවේ අසුන්ගෙන සිටි කීප දෙනෙකුද යම් විරෝධයක් මතු කරන අවස්ථාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට කරුණාකර වාඩිවෙන්න යනුවෙන් ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments