Homeදේශීයදේශබන්දු ගැන තීරණය 17 වැනිදා

දේශබන්දු ගැන තීරණය 17 වැනිදා

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය දැනුම් දී තිබෙන්නේ.

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කරන ලෙසට ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණා. විපක්ෂ මන්ත්‍රී නීතිඥ නිසාම් කාරියප්පර් පවසන්නේ, වැඩතහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයේ ගොනුකර ඇති රිට් පෙත්සම හරහා ඔහුව සොයාගත හැකි බවයි.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී කාරියප්පර් පෙන්වාදුන්නේ, අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකිරීමේදී තෙන්නකෝන් සාම විනිසුරුවරයකු ඉදිරියේ අත්සන් කර දිවුරුම්දිය යුතු බැවින්, මෙම පෙත්සම හරහා ඔහු සිටින ස්ථානය තීරණය කළහැකි බවයි.

“දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. අභියාචනාධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී දිවුරුම්දිය යුතුයි. සාමවිනිසුරුවරයෙක් ඉදිරියේ දිවුරුම්දිය යුතුයි. ඔහු සාමවිනිසුරුවරයෙක් ඉදිරියේ ද පෙත්සමට අත්සන් කළ යුතුයි. එම ලේඛනය දැන් අධිකරණයේ තිබෙනවා. අපට අදාළ සාමවිනිසුරු හමුවුණොත් දේශබන්දුව සොයාගන්න පුළුවන්” ඔහු පැවැසීය.

පොලිසිය මේ ආකාරයෙන් සිතා බැලිය යුතු බව පවසමින් මන්ත්‍රී නිසාම් කාරියප්පර් මෙසේද පැවැසීය; “අපේ CID එකට මොකද වෙලාතියෙන්නේ කියලා මම දන්නේ නැහැ.” හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ මාතර මොරවක පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගෙන් අදාළ නිවස පරීක්ෂා කිරීමට අවසර ලබා ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂා කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් සිදු කරමින් සාගල රත්නායක මහතා ඒ බව පවසා තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments