Homeදේශීයරොහින්ග්‍යා සරණාගතයින් විරෝධයක

රොහින්ග්‍යා සරණාගතයින් විරෝධයක

තමන්ට තවමත් රටක් නොමැති බව පවසමින් මෙරට රැඳී සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් ඔවුන් මුහුණපා සිටින දුක්ඛිත තත්වයට විසඳුම් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

එම පිරිස කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ද පවත්වා ඇත.

“අපි රටක් නැති ජනතාවක්, මියන්මාරයේ අපේ දේශයේදී ආසන්නයටම පැමිණි මරණයෙන් පළාගි‍යා. මුහුදේදී මරණයට මුහුණදීමට සිදු වූ විට ශ්‍රී ලංකාව අපව බේරාගත්තා.” ඔවුන් එහිදී පවසා ඇත.

කෙසේවෙතත්, රොහින්ග්‍යා සරණාගතයන් කියාසිටින්නේ, වර්තමානයේ ඔවුන් විශේෂයෙන් කුසගින්න සහ නිවාස නොමැතිකම හමුවේ මන්දගාමී මරණයකට සහ දිගුකාලීන විසඳුම් සඳහා බලාපොරොත්තුවක් නොමැතිව තත්වයකට මුහුණදෙමින් සිටින බවයි.

“අපගේ සාමකාමී විරෝධතාව කිසිවකුට එරෙහිව නොවේ. එය අපගේ ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් සොයන ලෙසත්, කුසගින්න, නිවාස නොමැතිකම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂණික අභියෝග සමඟ කටයුතු කිරීමට අපට උපකාර කරන ලෙසත් සියලුදෙනාගෙන් කෙරෙන ආයාචනයකි” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments