හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී නිකුත් කර තිබෙනවා.
ඒ, රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති අයට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන්.
මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියනයක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට 2024 ජූනි 06 වන දින නියෝග කළා.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.
ඒ අනුව, මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට අද නියම කෙරුණා.
මේ සම්බන්ධයෙන්, අප්‍රේල් 29 වැනිදා අධිකරණය හමුවේ හේතු දක්වන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මහතාට නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.