Homeදේශීයදයාසිරිගේ කතාවෙන් පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ?

දයාසිරිගේ කතාවෙන් පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳව සිදුකළේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

පාර්ලිමේන්තුවේ සංයුතිය 225 ක් ලෙස මන්ත්‍රීවරු සංඛ්‍යාව සකස් වී ඇත්තේ මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 29 ක් වශයෙන්.

මේ ඒ පිළිබඳව මන්ත්‍රීවරයා පළ කළ අදහස.

සාමාන්‍යයෙන් ඉස්සර මන්ත්‍රීවරු හිටියේ 196 යි. 196 225 උනේ තව මන්ත්‍රීවරු 29 දෙනෙක් ජාතික ලෙස ලැයිස්තු වලින් ආවා.
එතකොට මේ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා.
ශ්‍රේෂ්ඨාධිකරණය කීවා 196 ට වැඩිය තව 29ක් පත් කරනව නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ගන්න කියලා.

හැබැයි දැන් මොකද වුනේ? මේ 132 වෙනුවට එදා තිබුණ ඡන්දෙදි මේ පනත සම්මත කරන්න එදා තිබුණෙ 128යි.
එතකොට මේක තුනෙන් දෙකෙන් සම්මත වෙලා නෑ. මේ පාර්ලිමේන්තුව එකසිය 196 ට වැඩිය 29 ක් දික් කරන්න පාර්ලිමේන්තුවේ ඇත්ත වශයෙන් අනුමැතිය ඇවිල්ල නෑ.

29 දෙනා ඇවිල්ල තියෙන්නෙ නීත්‍යානුකූල නොවෙන විදිහට නීති විරෝධී විදිහට මේ ජාතික ලැයිස්තුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments